දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බවයි මෙහිදී ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කර සිටියේ.

ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කර සිටියා.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ඔවුන් වැඩ වර්ජනයට පිවිසෙන බවයි.

”ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ” ඔහු සඳහන් කර සිටියා.

  1. බුද්ධිමත් මිනිසුන් කෝ මේ රටේ? හැමදාම මිනිස්සුන්ට අසුභ දේවල්ම අහලා ඇති වෙලා. උබලට චන්දේ දීලා උබලට සැප විදින්න දීලා බඩගින්නේ දුක් විදින මිනිස්සුන්ට හිත හැදෙන්න පොඩි සහනයක්වත් දෙන්න තරම් උබලට හිතක් පපුවක් නැද්ද? තොපිට වගේ V8, සැප මාලිගා, සුපිරි කෑම, රට සවාරි, ගිණුම් වලට කෝටි ගනන් සල්ලි, අතට පයට වැඩකාරයෝ, ආරක්ශකයෝ ඒවා ඕනේ නැහැ මිනිස්සුන්ට. සාධාරණව හම්බ කරන මුදලින් කාලා බීලා හිත නිදහසේ මේ රටේ ජීවත් වෙන්න විතරයි ඒ අහිංසකයින්ට ඕනේ. උබලගෙන් සල්ලිවත් උබලගේ උපදෙස්වත්, උබලගේ කිසිම දෙයක් එපා. අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දියව්. උබලට සැප විදින්න අහිංසක මිනිස්සු ණය ගෙවන්න ඕනේ නැහැ. රටේ ආර්ථිකය වැට්ටුවේ අහිංසක මිනිස්සු නෙවෙයි.
    ඩොලර්ස් අහිංසක මිනිස්සු හංගන් නැහැ.
    ඩොලර්ස් හංගන් ඉන්නේ උබලගෙම මිනිස්සු. රටේ ඩොලර්ස් නැහැ කියලත් උබලා පලිගන්නේ අහිංසක මිනිහගෙන්.
    රටට ණය අරන් උබලා 10%ක් යොදවලා වයාපෘති කරලා 90% කොමිස් ගහනවා. යකෝ හරියයිද රටකට. කරපු එක ව්‍යාපෘතියක සමුර්ධිය පෙන්නපන්. හැමදාම ණය ගන්නවා අරකට මේකට කියලා. එක ලාබ ලබන වයාපෘතියක් පෙන්නපන්. ණය ගද්දි පිටරවලට පෙන්නන ලෝකය අහිංසක මිනිහට පෙන්නන්නේ නැහැ. අරක පාඩුයි මේක පාඩුයි, පහුගිය ආණ්ඩු කරපු වැරදි කිය කිය බයිලා ගහනවා. යකෝ දැන්වත් ඔය හොර වැඩ නවත්තලා එක අවුරුද්දක් රට වෙනුවෙන් වැඩ කරපන් අවංකව. තොපි කරපු පවු වලට මිනිස්සු සමාව දෙයි.
    අහිංසකයි යකෝ අපේ මිනිස්සු. අසරණයි. උන් මතක තියන් පලිගන්නේ නැහැ. එක අවුර්ද්දක් මිනිස්සුන්ගේ හිතට සැනසීමක් දීලා බලපන්, උන් උබලට දෙවියන්ට වගේ සලකයි.