අන්තරේ කැදවුම්කරු බොරුකාරයෙක් බව පවසමින් තලංගම OIC උසාවියට හෙළි කළ දේ

නීතිවිරෝධී ජනරාශියක් ලෙස රැස්වෙමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොදු දේපලවලට හානිකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුමකරු වන වසන්ත මුදලිගේ තලංගම පොලිස් ස්ථානය තුල රදවා සිටින විට ඔහු හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පෙරටුගාමී පක්ෂයේ නායකයින්ද , දේශපාලකයින්ද , නීතිඥයින් රැසක්ද පැමිණි බවත් ඔහු මේ වන විට අවස්ථා ගනනකදී අධිකරණය හමුවට පමුණුවා ඇති බවත් , ඔහු බන්ධනාගාරගතව මාස 3කට වැඩි බවත් , බන්ධනාගාර නිලධාරීන්ට හෝ මෙපමණ කලක් නොකිවූ ඔහු තලංගම පොලිස් අත්අඩංගුවේ සිටියදී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ස්ථානාධිපති තලංගම වන තමන්ගේ රාජකාරි ජංගම දුරකථනය හරහා ඔහු අමතා තර්ජනය කලායැයි අසත්‍ය කථාවක් ඇප ලබා ගැනීමේ අරමුණින් පමණක් දේශපාලඥයින්ගේ උපදෙස් මත කර ඇති බවත් , තමා තලංගම ස්ථානාධිපති වශයෙන් කිසිදු අවස්ථාවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ වසන්ත මුදලිගේ යන අයට තර්ජනයක් නොකල බව වගකීමෙන් දන්වා සිටින බවත් අද (26) කඩුවෙල අධිකරණයේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ ගරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටින ලදී.

සියළු කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් නොවැම්බර් 09 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?