පොහොර එපා කියපු නිසා චීනය යකා නටයි

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු පවතින බවද එම සමාගම පවසයි.

ඒ අනුව දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු අතර, පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන්.

එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දැක්වේ.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.

එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

“දැන් චීනයේ සිට ආනයනය කළ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර නැව ලංකාව ආසන්න මුහුදේ සැරිසරමින් තිබෙනවා. ඊයේ දිනයේ කෘෂිකර්ම ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා සහ නිලධාරීන් පිරිසක් චීන තානාපතිවරයා හමුවී තිබෙනවා. එහිදී චීනය හා ලංකාව යන රටවල් එකඟ වන තුන්වන පාර්ශ්වයකින් පොහොර සාම්පල් පරීක්ෂාවට ලක්කිරීමට එකඟතාවක් ඇති වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ වාර්තා නොසලකා එවැනි තීරණයකට පැමිණියහොත් අතිශය බරපතළයි. අපට මතකයි කලින් චීන තානාපති කාර්යාලය මෙයින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න පවා මතු විය හැකි බවට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව මේ සැරසෙන්නේ කුමකටද යන්න පැහැදිලියි. ඔවුන් සූදානම් වන්නේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර තොගය ගොඩබෑමටයි. ආණ්ඩුව හොර ගල් ඇහිළීමෙන් තොරව මේ පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ යුතුයි. තමන්ගේ නිලධාරීන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වනවා.”

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

“ප්‍රමිතියෙන් අඩු මෙම කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුළු කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පෙටිපොළ මහතා දැනුම් දී තිබෙනවා. එම නිසා ඒ නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුළු කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිවම මේ වන විට දැනුම් දීලා තියෙනවා.”

ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

MediaStatementQingdaoSeawin 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14