රස්තියාදු නොවී තත්ත්පර කිහිපයකින් ගුවන් තොටෙන් පිටව යන්න ක්‍රමවේදයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිතා කිරීමෙන් තොර නව මාර්ගගත ක්‍රමවේදයක් හදුන්වා දීමට සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක අද දින දහවල් සිට හදුන්වා දීමට පියවර ගනු ලැබුවා.

ලෝකය පුරා කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට එයින් පිටවීමේ දී ශ්‍රී ලංකා රේගුව සහ ආගමන – විගමන කාර්යාල තුළ රාජකාරී කර ගැනීමට අමතරව , සෞඛ්‍ය නිලධාරීන් හමුවේ සෞඛ්‍ය වාර්තා ප්‍රකාශ කිරීමට ද සිදු වී තිබෙනවා. මේ සදහා මෙම ගුවන් මගීන් තවත් අමතර විනාඩි 02 ක පමණ කාළයක් වැය කිරීමට සිදු වනවා.

අද දින හදුන්වා දුන් නව මාර්ගගත ක්‍රමවේදය අනුව එම කාළය තත්පර 20 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන ගුවන් මගීන් එම රටේ දී හෝ ගුවන් යානයේ දී හෝ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව www.airport.lk වෙබ් අඩවියේ පහත සබැඳිය https://www.airport.lk/health_declaration/index ඔස්සේ මෙම පද්ධතියට පිවිසීමෙන් හෝ ගුවන් තොටුපළ පැමිණීමේ පරිශ්‍රය තුළ ස්ථානගත කර ඇති QRකේත සදහන් පුවරු වෙත ගොස් තම තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

ඒ අනුව තම එන්නත් ලබා ගත් කාඩ්පත සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ වාර්තා මේ ක්‍රමය යටතේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ.

මේ හේතුවෙන් ගුවන් මගීන්ට පෝලිම් තුළ නිකුරුණේ කාලය වැය කිරීමට, කඩදාසි පෝරම පිරවීමට හෝ වෙනත් උපකරණ භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නොවේ.

නව ක්‍රමය මගීන් තත්පර 20ක් වැනි කෙටි කාළයක් තුළ කොරෝනා වසංගතය පිළිබඳව අවදානම ද අවම කර ගනිමින් ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් පිටතට යා හැකිය.

එමෙන්ම ගුවන් තොටුපළෙන් පිටවීමේ දී හමුවන ආරක්ෂක නිලධාරීන්ට ද මෙම ක්‍රමවේදය ඔස්සේම මෙම කරුණු ඉදිරිපත් කර මෙම ගුවන් මගීන්ට කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටතට යා හැකියාව ලබාදී ඇත..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක ප්‍රකාශ කර සිටියේ ලබන 2022 වසරේ අප්‍රියෙල් මාසය වනවිට කටුනායක ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට ලක් කරන බවයි.

No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14