සීනි හාල් ප්‍රශ්න තාවකාලිකයි – ඇමති ජොන්ස්ටන් කියයි

තවත් සති කිහිපයකින් මුළු රට ම විවෘත කර රට දියුණු කිරීමේ වැළපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. දූෂණයෙන් තොරව රට හැදූ නිසා අද සංවර්ධනය සිදු කර ගෙන යාමට මුදල් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

ඩොලර් නැති ප්‍රශ්න, භාණ්ඩ මිල වැඩිවීම් රටේ තාවකාලික ප්‍රශ්න බව ද අමාත්‍යවරයා සඳහන් කළේ.

”මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා පැරැද්දුවේ නැත්නම් අද වෙද්දි මේ අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරනවා. මගෙන් ඇහුවා මාධ්‍යවේදීයෙක් ඔබතුමාලාට සල්ලි තියෙනවාද? කියලා.මං කිව්වා සල්ලි තියෙනවා සල්ලි නැත්නම් කොහොමද? පඩි ගෙවන්නේ දහතුන් ලක්ෂයකට සමෘද්ධි දෙන්නේ කොහොමද? කොහොමද පාරවල් ටික හදන්නේ කෙහොමද වරාය දියුණු කරන්නේ කොහොමද මේ රට ඉදිරියට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්ව විදිහට අර දුෂණයෙන් තොරව මේ රට හදපු නිසා තමයි අද අපිට මුදල් තියෙන්නේ.

මේ රටේ සංවර්ධනය කරගෙන යන්නට මේ ඩොලර් නැති ප්‍රශ්න මේ මිල වැඩිවීමේ ප්‍රශ්න සීනි ප්‍රශ්න හාල් ප්‍රශ්න මේවා ඔක්කොම තාවකාලික ප්‍රශ්න මේ හැම දේකිම්ම අපි ජයග්‍රහනය කරලා මුලු රටම තව සති කිහිපයක් යන්න ඉස්සෙල්ලා අපි සම්පූර්ණම විවෘත්ත කරලා එදා වැඩිය තිබිච්ච රටක් විදිහට අපේ ශ්‍රී ලංකාව දියුණු කරන වැඩපිළිවෙලට අපි අතගහලා ඉවරයි කියලා අපි හදවතින්ම මේ වෙලාවේ මතක් කරනවා”

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මුදල් යොදා සංවර්ධනය කරන කොළඹ වරාය පිවිසුම් මාර්ගයේ පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34
Video thumbnail
ඩෙංගු සොයා මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
06:57
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට් - මේකෙන් දේශපාලනය කරන්න එපා
03:04
Video thumbnail
මීගමුව සිද්ධිය පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න එපා
09:40
Video thumbnail
බන්ධනාගාරයට පිටතින් අනුබල ලැබුණද ? නලින්ද සියල්ල හෙළිකරයි - නීතිය ක්‍රියාත්මක කරනවා
04:57
Video thumbnail
බන්ධනාගාර ගැටුමේ පිටුපස ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:41
Video thumbnail
වෙ# තියපු නිලධාරියාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න
04:40
Video thumbnail
මම කළින් ගිහින් රැඳවියන් ඔක්කොම එක්ක කතා කළා - එයාලා මගේ අණට කීකරු වෙලා හිටියේ
07:34
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:31
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24