කොටුව දුම්රිය පොළට යන මඟීන් අනතුරේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමේ ස්ථාන රැසක් දිරාපත් වීමෙන් කඩා වැටීමේ අවදානමක පවතී.

මේ හේතුවෙන් නුදුරේ දීම විශාල අනතුරක් සිදුවිය හැකි බවත් මෙම තත්ත්වය පිළිබඳ අවස්ථා රැසකදීම කොළඹ මහ නගර සභාව දැනුම්වත් කළත් මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නඩත්තු කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

ඊයේ (25 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන හෙයින් දහස් සංඛ්‍යාත පිරිසක් දෙනාම මෙම පාලම ඔස්සේ ගමන් කරනු ඇති බවත් ඇතැම් අවස්ථාවලදී සාරි පැලඳ රාජකාරි සඳහා යන කාන්තාවන්ගේ දිරාපත් යකඩවල ගෑවීමෙන් එම කතුන් අනතුරුවලට ද ලක්ව තිබෙන බවත් එම නිලධාරියා කීවේය. මේ වනවිට අවදානම් ස්ථානවල සිමෙන්ති ගල් යොදා ඇත. විශාල පිරිසක් එකවර පාලම මතින් ඇවිදීමෙන් එය කඩා වැටීමට ලක්විය හැකි බව පොලිසිය පවසයි.

පවතින අවදානම් තත්ත්වය හමුවේ පාලම වසා දමා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේ නම් රථවාහන පාලනය කරමින් මාර්ග සැලැස්මක් යෙදවීමට පොලිසිය සූදානමින් සිටී.

කොළඹ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායකගෙන් මේ පිළිබඳ අරුණ කළ විමසුමකදී සඳහන් කළේ එවන් අනතුරුදායක තත්ත්වයක් ගැන නගර සභාවේ ඉංජිනේරුවරුන් දැනුවත් නොමැති බවය. මෙම ගුවන් පාලම 2015 වසරේ දී ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියා කර කොළඹ මහ නගර සභාව වෙත බාර දී තිබේ. එහි පවතින වත්මන් තත්ත්වය ගැන තමන් කඩිනමින් සොයා බලන බවත් ඇය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34
Video thumbnail
ඩෙංගු සොයා මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
06:57
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට් - මේකෙන් දේශපාලනය කරන්න එපා
03:04
Video thumbnail
මීගමුව සිද්ධිය පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න එපා
09:40
Video thumbnail
බන්ධනාගාරයට පිටතින් අනුබල ලැබුණද ? නලින්ද සියල්ල හෙළිකරයි - නීතිය ක්‍රියාත්මක කරනවා
04:57
Video thumbnail
බන්ධනාගාර ගැටුමේ පිටුපස ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:41
Video thumbnail
වෙ# තියපු නිලධාරියාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න
04:40
Video thumbnail
මම කළින් ගිහින් රැඳවියන් ඔක්කොම එක්ක කතා කළා - එයාලා මගේ අණට කීකරු වෙලා හිටියේ
07:34
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:31
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24