ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය ඉරිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

ඇතුළේ ප්‍රශ්න පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කාබනික පොහොර වගා වැඩසටහන හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත එකක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති වරාය ඇමති රෝහිත අබෙිගුණවර්ධන ඇතැම් පිරිස් ආණ්ඩුවවෙි සිටිමින් එළියෙදි ආණ්ඩුව විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

විවේචනය හවුල් ආණ්ඩුවලට අලුත් දෙයක් නොවන බවයි ඊට පිළිතුරු දෙමින් ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර සඳහන් කර ඇත්තේ.

ආණ්ඩුව යහපත් මගකට ගැනීමේ අරමුණින් කෙරෙන විවේචන සාධනීය ලක්ෂණයක් බව පෙන්වා දී ඇති ඇමැතිවරයා 1970 සිටම තමා එය අත් දැක ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34
Video thumbnail
ඩෙංගු සොයා මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
06:57
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට් - මේකෙන් දේශපාලනය කරන්න එපා
03:04
Video thumbnail
මීගමුව සිද්ධිය පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න එපා
09:40
Video thumbnail
බන්ධනාගාරයට පිටතින් අනුබල ලැබුණද ? නලින්ද සියල්ල හෙළිකරයි - නීතිය ක්‍රියාත්මක කරනවා
04:57
Video thumbnail
බන්ධනාගාර ගැටුමේ පිටුපස ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:41
Video thumbnail
වෙ# තියපු නිලධාරියාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න
04:40
Video thumbnail
මම කළින් ගිහින් රැඳවියන් ඔක්කොම එක්ක කතා කළා - එයාලා මගේ අණට කීකරු වෙලා හිටියේ
07:34
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:31
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24