ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය ඉරිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

ඇතුළේ ප්‍රශ්න පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කාබනික පොහොර වගා වැඩසටහන හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත එකක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති වරාය ඇමති රෝහිත අබෙිගුණවර්ධන ඇතැම් පිරිස් ආණ්ඩුවවෙි සිටිමින් එළියෙදි ආණ්ඩුව විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

විවේචනය හවුල් ආණ්ඩුවලට අලුත් දෙයක් නොවන බවයි ඊට පිළිතුරු දෙමින් ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර සඳහන් කර ඇත්තේ.

ආණ්ඩුව යහපත් මගකට ගැනීමේ අරමුණින් කෙරෙන විවේචන සාධනීය ලක්ෂණයක් බව පෙන්වා දී ඇති ඇමැතිවරයා 1970 සිටම තමා එය අත් දැක ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?