ගෞතම් අදානි මන්නාරමට යයි : ජනපතිත් හමුවෙයි

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමග පැමිණි කණ්ඩායම ඊයේ මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

කොළඹ වරාය බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා එක්ව සිටින අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමරිකානු ඩොලර් බිලියන 75කට ආසන්න වත්කමකට හිමිකම් කියන අතර ෆෝබ්ස් ඉන්දියානු ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ දෙවැන්නායි.ඔහු දෙවැනි වන්නේ මුකේෂ් අම්බානිට පමණයි.

ඉකුත් ඉරිදා රාත්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් ගෞතම් අදානි ඇතුලු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණි අතර, ජනාධිපතිවරයා සමඟ අද දිනයේ හමුවක් පැවැත්වීමට ද නියමිත බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.

ගෞතම් අදානි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවැත්වීමට නියමිත හමුවේදී මෙරට වරාය, බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇති බව ද හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වුණා.

ඒ අනුව ගෞතම් අදානි අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මුණ ගැසී තිබෙනවා.

ඔහු සමග පැමිණි නියෝජිතයින් අතරට ගෞතම් අදානිගේ පුත් සගාර් අදානි, අදානි ට්‍රාන්ස්මිෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් අයත්.

ඔවුන් ඊයේ මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ සුළං සහ සූර්යබල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක ආයෝජනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමටයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා ද එක්වුණා. මන්නාරමේ ඉදිකර ඇති මෙරට විශාලතම සුළං බලාගාරය ඔහු නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන්නේ ද ඉන්දියාවේ අදානි සමාගමයි.

ඇමරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සහිත එම ව්‍යාපෘතිය සඳහා පසුගිය සැප්තැම්බර් 30 වනදා අත්සන් තැබුණු අතර, එහි සියයට 51ක කොටස් හිමිකාරීත්වයක් අදානි සමාගමට හිමි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55