සංචරණ සීමා, මංගල උත්සව ඇතුළු ක්‍රියකාරකම් කිහිපයක් ගැන නවතම තීරණයක්

අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා තිබු සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුල අමුත්තන් 100 දෙනෙකුට ද එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී ඇත.

කෙසේ වුවත් විවාහ මංගල උත්සව වලදී මත්පැන් භාවිතා කිරිමට අවසර හිමි නොවේ.

මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිමව පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර ඇත.

එමෙන්ම කාර්යාල රැස්වීම සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කොට ඇත.

මේ අතර රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?