ආර්ථිකය ගොඩ ගන්න ඇමති බන්දුලගෙන් අලුත් තොන්ඩුවක්

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවත් තනි තනි රටවල් ලෙස මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කර සිටිනවා.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක මුහුණ දුන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමරිකාවේදී එවැනි සමුළුවක් පැවැති බව ආචාර්ය බන්දුල ගුණවර්ධන නමුත් ලෝකය මේ දක්වා එවැනි සමුළුවකට සූදානමක් නොමැති බවයි සඳහන් කර සිටියේ.

කොවිඩ් සමඟ ඇති වූ අර්බුදය අදට වඩා හෙට තවත් වැඩි වන බවත් තමන්ගේ රටේ මිනිස්සු පිළිබඳව විශ්වාසය තබා දේශපාලන, පක්‍ෂ සහ පාට භේදයෙන් තොරව හැම කෙනෙක්ම මොනවා හරි වැඩි වැඩියෙන් වැඩ කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

“මීට වඩා මේ අර්බුදය අඩුවෙන් තියෙන අවස්ථාවේදී දෙවැනි ලෝක යුද්ධයේදී ඒ සරළ මිනිස්සු ඒ සඳහා පිළිතුරු සොයා ගැනීමට නොහැකි නිසා අමරිකා එක්සත් ජනපදයේ සම්මේලනයක් තිබුණා. ඒ සම්මේලනයේදී ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥායෙක් වන ජෝන් මෙනාඩ් කේන්ස් සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කළා ලොකය ගොඩගන්න. ඊට පසුව වයිට් සැලැස්ම කියලා තව එකක් ඉදිරිපත් කළා. ඒ සැළසුම් දෙක පිළිබඳව ආර්ථික විශේෂඥායො සාකච්ඡා කරලා දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වෙච්ච ලෝක ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි හැදුවා”

කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ ලංකා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36