ඩෙල්ටා ප්ලස් ගැන නවතම අනාවරණයක්

දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් පවතින බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එසේම මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට හයක් ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් බවයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතර චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

විදේශ සංචාරකයින් පැමිණීම මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බව එම වාර්තාවල සඳහන්. පවතින තත්ත්වය සළකා ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?