රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට

රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ළමාරක්ෂක අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක්ද මෙම ආයතන 30ට ඇතුළත්ය.

ඒ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම තනතුරින් ඉවත්කොට ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි. එහෙත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විජේතුංග මහත්මියගේ මාරුවට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම නිසා එම මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය දරන වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට අමාත්‍යංශ ලේකම් ධුරයක් පිරිනැමීමට නියමිත අතර ප්‍රමිති ආයතන සභාපති ධුරයට එරන්ද ගිනිගේ මහතා පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව තිබූ අධ්‍යක්ෂ ධුරය සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළේය.

පසුගියදා ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් පදවියට නම්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා පත්වීම අත්හිටුවා තිබේ. ඒ වෙනුවට ආචාර්ය වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට තීන්දු කර ඇත.

– deshaya

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36