ලබන වසරේ සිදුවන දෙයක් ගැන ඇමති නාමල් හෙළි කරයි

ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලබන බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති LANKAQR ජනගත කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

“ලබන අවුරුද්ද මුල කාර්තුව වෙන කොට නැෂනල් ID එක ඩිජිටලයිසේෂන්වලට අපි යනවා. ඒ තුල ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් අපේ රටේ ජනතාවට ලබන අවුරුද්දේ ලැබෙනවා. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා එක් අංකයක් ලැබෙනවා වගේම, එක ඇඟිලි තුඩුවකින් නැත්නම් ෆේෂල් රෙකග්නිෂන්වලින්, අයි රෙකග්නිෂන්වලින්, ෆින්ගර්ප්‍රින්ට් එකෙන්, බයොමෙට්‍රික්වලින් ඔබේ අවශ්‍යතාවයන් ඉටුකරගන්න පුළුවන් හැඳුනුම්පතක් ලැබෙනවා. ඒ සඳහා හෙල්ත් කාඩ් එක, ඇග්‍රි කාඩ් එක, ෆර්ටිලයිසර් කාඩ් එකේ ඉඳන් මේ සියල්ල ප්‍රොෆයිල් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ලබන අවුරුද්දේ අපි ආරම්භ කරනවා“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නායකත්වය ගන්න අපි සූදානම් - ඇත්ත කිව්ව හින්දයි අපි පැරදුනේ
24:43
Video thumbnail
අනුර ෆේල් - අනාගත ජනාධිපති සජිත්
01:15
Video thumbnail
බස් ගාස්තු වැඩිකිරීම මදිනේ අප්පා - තව වැඩිවෙන්න ඕනේ
05:56
Video thumbnail
ආයේ තෙල් මිල වැඩි කළොත් ආයේ බස් ගාස්තු වැඩිකරන්න වෙනවා
06:05
Video thumbnail
බයික් එකකින් ආපු ඩබලක් බස් රථය කුඩු කරලා ගිහින්
01:40
Video thumbnail
සංචාරකයින් දිරිගන්වන්න නව වැඩසටහනක්
01:42
Video thumbnail
මහින්ද මහත්තයාට හොරා හොරා කියපු එවුන් අද බැහැපල්ලා එළියට
02:48
Video thumbnail
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුව අගමැතිනි හමුවෙයි
01:49
Video thumbnail
රට අනුරට නෙමෙයි, රට බල්ලට ගිහින් - මහින්දට හොරා හොරා කියපු එවුන් බැහැපල්ලා එළියට
06:20
Video thumbnail
ජනතාව පෝලිමේ දාලා පක්ෂයට වාහන ගන්න සල්ලි එකතුකරනවා
09:25