CID අධ්‍යක්ෂක ලෙස OICට ව්‍යාජ දුරකතන ඇමතුමක්… සැකකරුවෙකු නිදහස් කරන්නැයි කියයි.

පයාගල වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක පෞද්ගලික ආරවුලක් මත සිදු වූ පහරදීමකට සම්බන්ධ සැකකරුවකු නිදහස් කරන්නැයි පයාගල පොලිස් ස්ථානාධිපතිවරයාට සාපරාධි බලහත්කාරය පා අන් අයකු ලෙස පෙනී සිටි ව්‍යාජ රහස් පොලිස් අධ්‍යක්ෂකයක් ලෙස රඟපෑ 47 වියැති සැකකරුෙවක් අධිකරණයට ඉදිරිපත් කිරීමේත් පසු නොවැම්බර් 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර බව අැත..

පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා පවසන අන්දමට සිද්ධිය වනුයේ දින කිහිපයකට ඉහත පයාගල පොලිස් වසමට අයත් වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පෞද්ගලික ආරවුලකට පහරදීමක් සිදුවී ඇති අතර පහර කෑමට ලක් වූ පුද්ගලයා රෝහල්ගතව එක් දිනක් ප්‍රතිකාර ලබා තිබෙන අතර පහරදුන් සැකකරු සැඟව සිට තිබෙ.

‘මේ කතා කරන්නේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ චන්ද්‍ර ජයවර්ධන , පයාගල පහරදීමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගන්න උත්සාහ කරන පුද්ගලයා වහාම නිදහස් කළ යුතුයි .එසේ නොවන්නේනම් තමාට කරදර වී ස්ථාන මාරුව කුත් ලබාගන්න පුළුවන් වෙයි මම මේ කම්පරන්ස් එක කට හම්බන්තොට යන ගමන් මං නැවත එන ගමන් පොලිසියටත් එනවා’ යයි රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාට පැවසීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා ‘සර් ඔෆිස් දුරකථනයෙන් කෝල් එකක් ගන්න’ ලෙස පැවසීමෙන් අනතුරුව ඇමතුම විසන්ධි කර අැත.

පොලිස් ස්ථානාධිපතිවරයා තමාට ලැබුණු එම දුරකථන පණිවිඩය සම්බන්ධයෙන් රාජකාරි සටහනක් යොදා පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ .

ඒ අතර පහරදීමට සම්බන්ධ පාර්ශ්වයේ සැකකාර පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන පහරකෑමට ලක්වූ පාර්ශව ද පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කරමින් සිටින අතර පොලිස් ස්ථානාධිපතිවරයාට රහස් පොලිස් අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත් විට තමා ඉදිරියේ සිටින පුද්ගලයෙකු ගේ ජංගම දුරකථනය නාද වීමෙන් රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයා ඒ අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී සියලු තතු අනාවරණය කර ගත් අතර එසේ ව්‍යාජ ලෙස රහස් පොලිස අධ්‍යක්ෂකවරයා ලෙස පෙනී සිට ඇත්තේ පහරදීමට සම්බන්ධ සැකකරුගේ පියා බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

පයාගල පොලිස් ස්ථානාධිපතිවරයාට සාපරාධී බලාත්කාරයපා අන් අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනාව මත කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:37
Video thumbnail
දොරෙන් ෂූට් කරපු එක ගැන කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි - පාලනය නොකරනම් වෙන විනාශය හිතාගන්න බැරිවෙයි
07:59
Video thumbnail
ඔයාලා වැඩ නොකරන එකට අපි පළි ද..?
07:57
Video thumbnail
අධිකරණ ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්නම දෙයි
16:20
Video thumbnail
රැඳවියන් විකාර තත්ත්වයෙන් ඉදාලා තියෙන්නේ මත්වෙලා..නිලධාරින් ජීවිත පරදුවට තියලා වළක්වලා තියෙන්නේ
04:50
Video thumbnail
දොරෙන් ෂූට් කරන වීඩියෝව ගැන කොමසාරිස් ජෙනරාල් හඬ අවදි කරයි
01:36
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ?අවශ්‍ය නිලධාරින් අපි යොදවලා තිබ්බේ
01:58
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න
01:37
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31