ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අලුත් අභියෝගයක්

හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

හෙට දිනයේ ගුරු – විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙන අතර පස්වරු 2ට එම විරෝධතාවය පැවැත්වීමට නියමිතය.

අද (24) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ජෝසෆ් ස්ටාලින් මහතා ඒ බව පැවසීය.

“පාසල් කටයුතු ආරම්භ වුණාම, හෙට පස්වරු 2ට අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වනවා. රට පුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරනවා. “

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවට අලුත් අභියෝගයක් කරන බවය.

“හෙට දවසේ 1-5 ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කරණු ලැබේ. නමුත් පළාත් අතරේ ගුරුවරුන්ට යන්න පහසුකම් නෑ. සොච්චම් වැටුපෙන් ත්‍රීවිල් හයර් කරන් යන්න බෑ. පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙන තුරු ඒ ගුරුවරුන්ට නිවාඩු දෙන්න ඕනේ. පුළුවන් නම් එක ගුරුවරයෙකුගේ විදුහල්පතිවරයෙකුගේ වැටුප නතර කරලා පෙන්වන්න නොවැම්බර් මාසයේ. ඔන්න දැන් අපේ අභියෝගය. පාසල්යමින් උගන්වමින් අරගලය පෙරට. පහසුකම් දෙනතුරු ඔන්ලයින් අධ්‍යාපනයේ අපි නියැලෙන්නේ නෑ.7.30යි 1.30 අතරේ දරුවන්ගේ කටයුතු පමණයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එම නිවසේ නවතම ද‍ර්ශන
01:04
Video thumbnail
නාමල් ආණ්ඩුවට දීපු දීමෙන් චානකට හොඳටම හිනා
11:15
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන කළින්ම බුද්ධි තොරතුරු ලැබිලා..?
07:22
Video thumbnail
"මම ඩොක්ටර් නිසා මට හිරේ ටොයිලට් එකේ නිදාගන්න කිව්වා"
01:22
Video thumbnail
ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්නකෝ
20:10
Video thumbnail
අධිකරණයේ සවාධීනත්වයට අපි කිසිසේත් අත තියලා නෑ
04:35
Video thumbnail
එක දවසක් හිරේ ඉඳලා බලන්න - අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
07:34
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23