සහල් මිල තවත් ඉහළට

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත්කර මාසයක් ගතවීමටත් පෙර සහල් මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව නාඩු රුපියල් 15කින්, සම්බා රුපියල් 10කින් සහ කීරි සම්බා රුපියල් 30කින් මිල ඉහළගොස් ඇති බව අප කළ සොයාබැලීමේදී තහවුරු විය.

වෙළෙඳපොළේ මතු වූ අර්බුදකාරී තත්ත්වයකින් පසු සහල් සඳහා පැනවූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමග සහල් මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාපරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ අභිමතය අනුවය.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 115කටත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත්, කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165කට මිලට ගතහැකි බව පසුගිය සැප්තැම්බර් 28 වනදා ව්‍යාපාරිකයින් ප්‍රකාශයට පත්කර තිබුණි.

කෙසේවෙතත් මාසයක් ඉක්මවායාමටත් පෙර නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් මිල මෙලෙස ඉහළගොස් තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36