ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමි වුණා.

එහිදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ.රත්නසිරි මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජේ. එම්. උදිත් කේ. ජයසිංහ මහතා, සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාට එලෙස අනුමැතිය ලබාදී තිබෙනවා.

ඊට අමතරව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජගත් වැල්ලවත්ත මහතා පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

වැල්ලවත්ත මහතා මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබුණා.

ඒ අතරම දැනට නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවන ජේ.එම්.ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමටද අනුමැතිය හිමිවූ බව දසනායක මහතා පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08
Video thumbnail
ආණ්ඩුව ළදරු නෑ - විපක්ෂය කියන පිස්සුවලට ඉඩ දෙන්නේ නෑ
12:36
Video thumbnail
සජිත්ගේ කතාවේ අන්තිමට වුණ දේ.. හැමෝටම හිනා යයි
10:21
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:47
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිලා පඹයෝ වෙලා ඉවරයි - ගොවියන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
05:32
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51