යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වුණා.

පහරදීම සිදුවන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදීය.

රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කළ බවට මෙම යතුරුපදිකරුට චෝදනා එල්ලවී තිබුණා.

එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බවයි වාර්තා වුයේ.

පසුව නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් ඇති අතර ආහාර අලෙවිසැලක් අසල නවතා තිබියදී යතුරුපැදිය සොයාගෙන තිබු අතර පහරදීම සිදුවන්නේ එම අවස්ථාවේදිය.

අදාල විඩියෝව – පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08
Video thumbnail
ආණ්ඩුව ළදරු නෑ - විපක්ෂය කියන පිස්සුවලට ඉඩ දෙන්නේ නෑ
12:36
Video thumbnail
සජිත්ගේ කතාවේ අන්තිමට වුණ දේ.. හැමෝටම හිනා යයි
10:21
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:47
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිලා පඹයෝ වෙලා ඉවරයි - ගොවියන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
05:32
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51