අගමැතිගේ අතින් විවෘත කෙරුණු “එයිටි ක්ලබ්”

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 21 වෙනිදා රාත්‍රියේ දී විවෘත විය.

පරිශ්‍ර භූමිය විදුලි ආලෝකමත් කළ අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් එයිටි ක්ලබ් නිල වශයෙන් විවෘත කළ බව සංකේතවත් කරනු ලැබුවා.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා විශේෂ අමුත්තන්ගේ පොතෙහි අත්සන තබනු ලැබුවා.

මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නනායක්කාර මහතා විසින් එයිටි ක්ලබ් තොරතුරු පත්‍රිකාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වන ලදි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් නාවික හමුදා කොමදෝරු එස්.එච් බාලසූරියට අග්‍රාමාත්‍යතුමා අතින් සමරු තිළිණයක් පිරිනැමිණි.

2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමෙන් අනතුරුව එයිටි ක්ලබ් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේ.

මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය එයිටි ක්ලබ්” (80 Club) නමින් හැඳින්වෙයි. පසුකලෙක එය මෙලෙසින් කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත වී තිබේ.

1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දුන්නේය. 1978 රජය යටතේ එයිටි ක්ලබ් සඳහා නැවත අවසර ලැබුණා.

2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තුරුම එහි නඩත්තු කටයුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ක්‍රියාත්මක විය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. ඒ අනුව වර්තමානයේ අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ.

මෙහි ඇති පහසුකම් තවත් වැඩි දියුණු කරමින් ආගන්තුක සත්කාරයෙන් අනූන වෝටර්ස් එජ් තරු පංතියේ හෝටල් අත්දැකීමක් එයිටි ක්ලබ් ඔස්සේ ලබා දීම රජයේ සැළසුම වී තිබේ.

No description available.
No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08
Video thumbnail
ආණ්ඩුව ළදරු නෑ - විපක්ෂය කියන පිස්සුවලට ඉඩ දෙන්නේ නෑ
12:36
Video thumbnail
සජිත්ගේ කතාවේ අන්තිමට වුණ දේ.. හැමෝටම හිනා යයි
10:21
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:47
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිලා පඹයෝ වෙලා ඉවරයි - ගොවියන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
05:32
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51