‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ කිරීමට පැමිණි බුද්ධි අංශ නිලධාරියකු හදුනා ගැනීමට මන්ත්‍රීවරයා සමත් වීමත් සමග අර්බූදකාරී තත්ත්වයක් මතුවන ආකාරයක් දැකගන්නට ලැබිණ.

එහිදී මන්ත්‍රීවරයා ‘මෙන්න බුද්ධි අංශ නිලධාරියෙක් ඇවිත් රැස්වීම වීඩියෝ කරනවා’ යැයි කීමත් සමග පුද්ගලයකු වහා එම ස්ථානයෙන් ඉවත්ව යාමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.

මෙම පුද්ගලයා ඉවත්ව යන විට රැස්ව සිටි ජනතාව හූ තබන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?