කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස සහ ඒ සඳහා මෝටර් රථ ආඥාා පනත සංශෝධනය කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටිනවා.

කොන්දොස්තර මහත්වරු නොමැති වීම නිසා දැනටමත් බස් රැසක් කොන්දොස්තර නොමැතිව ධාවනය කරන බව කී විජේරත්න මහතා මෝටර් රථ ආඥාා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත කියන වගන්තිය සහිත හෝ රහිතව ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් කළේ.

එසේ වුවහොත් රියදුරු මහතා අසළ මුදල් ලබාගැනීමට පෙට්ටියක් සකස් කරන බවත් ජනතාව අවංකව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත් ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39