තෙල් මිල වැඩි කරන්න කලින් ජනතාවට කියපු එකම ඇමති මම – ඇමති ගම්මන්පිල

තෙල් හිඟයක් ඇතිවන බවට විපක්ෂය සහ විපක්ෂය විසින් නටවන වෘත්තීය සමිතිත් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවා.

අද (21) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඉන්දියානු විදේශ ලේකම්වරයා සමඟ ත්‍රිකුණාමලය තෙල් ටැංකි බලන්න යන විට එම තෙල් ටැංකි ඉන්දියාවට විකිණීමට ගිවිසුම අත්සන කරන බවටත් එමෙන්ම ඔක්තෝම්බර් 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතෙන් තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට සැරසෙන බවට කළ අසත්‍ය ප්‍රචාර අතරට තෙල් හිඟයක් ඇති බවට වන බොරුවද දැන් එකතු කර තිබෙන බව අමාත්‍යවරයා පැවසුවා.

ජනවාරි මාසය වන තෙක් අඛණ්ඩව තෙල් සැපයුම සහතික කර ඇති බවද ගම්මන්පිල අමත්‍යවරයා සඳහන් කළා.

”ජනතාව මත පීඩනයක් නොපවටමින් කටයුතු කරන්නයි අපි උත්සහ කරන්නේ. නුදුරු අනාගතයේ ඉන්ධන මිල වැඩි කිරීමේ අපේක්ෂාවක් නැහැ.

ඉතා පැහැදිලිවම කියල තියෙනවා ඉන්ධන හිඟයක් ඇතිවෙනවා නම් කටකතාකරුවන්ට පෙර මම තමයි ඇවිල්ලා ඒ ගැන කියන්නේ.

රටේ විදේශ විනිමය අර්බුදයක් තියෙනවා කියල මුලින්ම කිව්වේ මම.

තෙල් මිල වැඩිකරන්න කලින් මිල වැඩිකරනවා කියල ජනතාව ඉදිරියට ඇවිත් කියපු පළමු ඇමතිවරයාත් මම.

ඒ නිසා ජනතාවට මගේ පැවැත්ම හරහා විශ්වාසයක් ගොඩනැගී තියෙන්නේ ඕනේ තෙල් මිල වැඩිවෙනවා නම් ඇමතිවරයා ඒ ගැන කලින් කියාවි,තෙල් හිඟයක ඇතිවෙනවා නම් ඇමතිවරයා ඒ ගැන කලින් කියාවි කියල.

තෙල් මිල වැඩිකරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.

මිල වැඩිකර නොගැනීමට තමයි භාණ්ඩාගාරයෙන් සහනයක් ඉල්ලලා තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44