“දරුවන් පාසල් එවන්න එපා!” කියා හුවමාරු වූ වට්ස්ඇප් අනතුරු ඇඟවීම් පණිවිඩය

සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි අද (21) ගුරුවරු තමන් වැඩ වර්ජනයේ යෙදි සිටින බැවින් සිසුන් පාසල්වලට නොයවන ලෙස වට්ස්ඇප් සමුහ හරහා දෙමාපියන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙනවා.

කොවිඩ් 19 වසංගතය හමුවේ නිවෙස්වල සිට ඉගැන්විම් සිදු කිරිම සඳහා ගුරුවරු වට්ස් ඇප් සමුහ භාවිතා කර තිබු අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඇතුළු නැගෙනහිර පළාතේ ඇතැම් පාසල්වල සිසුන්ට එම වට්ස් ඇප් හරහා  පාසල් නොයන ලෙස දැනුම් දී තිබුණා.

ඇතැම් විදුහල්පතිවරු තම පාසල්වල ගුරුමණ්ඩල සම්බන්ධ කර ගැනීම වට්ස් ඇප් හරහා සිදු කරන අතර විදුහල්පතිවරු තම ගුරු මණ්ඩලයට වට්ස් ඇප් භාවිතා කරමින් දැනුම් දී ඇත්තේ සිසුන්ව පාසලට ගෙන්වා ගැනිම නොකල යුතු බවයි.

ඒ අනුව වැඩ වර්ජිත ගුරුවරු තම තමන්ගේ පංතිවල දෙමාපියන්ට වට්ස් ඇප් හරහා දරුවන් පාසලට නොයවන ලෙසත් යම් හෙයකින් පාසලට පැමිණිය හොත් එහි වගකීම තමන් භාර නොගන්නා බවත් පවසා තිබෙනවා.

නාදුනන පිරිස් පාසලට පැමිණ සිදුකරන ඉගැන්විම හාවෙනත් සිදුවිම් සම්බන්ධයෙන් තමන් වග නොකියන බව මෙම වට්ස් ඇප් හරහා දැනුම් දිම නිසා දෙමාපියන් සිය දරුවන් පාසල් යැවීමෙන් වැලකි සිටි බව දැන ගන්නට ලැබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39