එන්නත් බල බිඳගෙන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත.

ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ.

මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව ඔහු පවසයි.

පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය සඳහා කොවිඩ් එන්නත් සාර්ථක ප්‍රතිචාර දක්වනවාද යන්න තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44