කොරෝනා වලටත් වඩා භයානක තත්වයක් ගාල්ලෙන්..

ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන් කොරෝනාවලට වඩා ඩෙංගු අවදානම වැඩි වෙලා යයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න පැවසුවාය.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සභාපති සම්පත් අතුකෝරලගේ ප්‍රධනත්වයෙන් ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේදී පවත්වනු ලැබූ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පළ කළාය.

වෛද්‍යවරිය මෙසේද කීවාය.

ගාල්ල වරාය තුළ අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා තිබෙනවා.

මේවා ඉවත් කරන්න වාහන ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා.

කාලයක් වසා දැමීම නිසා පාසල්වල වැසිකිළිවල පවා මදුරු කීටයන් හඳුනාගෙන තිබෙනවා. රජයේ කාර්යාල පරිශ්‍රවලත් විශාල වශයෙන් ඩෙංගු කීටයන් හමුවෙනවා.

විහාරස්ථානවලත් විශාල වශයෙන් ඩෙංගු කීටයන් හමුවී තිබෙනවා.

මේ තත්ත්වය අනුව ඩෙංගු අවදානම වැඩි වී තිබෙනවා.

කරාපිටිය, මාගාල්ල, දෙද්දුගොඩ, අම්බලන්ගොඩ ඩෙංගු තත්ත්වය විශාලයි. ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන්. මී උණත් ඒ හා සමානවම වැඩි වෙලා.

ගාල්ලේ කුඹුරුකරන අය අතර බහුලව දක්නට ලැබෙනවා.

මේ පිළිබඳව කලින් රැස්වීම් තබා දැනුවත් කළත් කොවිඩ් අවදානම නිසා දැනුවත් කිරීමේ තත්ත්වයත් අඩු වීම නිසා ලංකාවේ මී උණ රෝගීන් වැඩි වී තිබෙනවා යැයි වෛද්‍යවරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43