වාරි නිර්මිතයන් නිසි කළට අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරි මාස් කන්නයේදී තම කුඹුරු වලට ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව කරුවලගස්වැව ,නීලබැම්ම ව්‍යාපාරයේ ඔට්ටුකුලම ගොවීන් සදහන් කරනවා.
නීලබැම්ම ව්‍යාපාරයෙන් පෝෂණය වන ඔට්ටුපල්ලම වැව යටතේ කුඹුරු අක්කර 400 ක් පමණ යල – මහ දෙකන්නයේ වගා කිරීම සිදු කරනු ලබනවා.
නීලබැම්ම ව්‍යාපාරය යටතේ කලාඔයෙන් ජලය සැපයෙන නිසා නියං සමයේ වුවත් වසරේ කන්න දෙකම වගා කටයුතු සිදු කළ හැකි බව එම ගොවීන් සදහන් කරනවා.
ඊට අමතරව අතර මැදි කන්න වලදී මෙම කුඹුරු යාය වල අතිරේක භෝග වගා කිරීමටද ගොවීන් කටයුතු කරනු ලබනවා.
වර්ෂා කාලයේදී ඇති වන ගංවතුර තර්ජනය හේතුවෙන් අවස්ථා කීපයකදීම ඔට්ටුපල්ලම වැවෙන් ජලය කුඹුරු කරා ගෙන යන ජල නිර්මිත වලට හානි සිදුවී තිබෙනවා.
සුළු වශයෙන් සිදුවන හානි නියමිත වේලවට අළුත්වැඩියා කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමේ වන්දිය වර්තමානයේදී තමන්ට ගෙවීමට සිදුවී ඇති බවද ඔට්ටුපල්ලම ගොවීන් සදහන් කරනවා.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප සමග කරුණු දැක්වූ නීලබැම්ම ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්.සෙනවිරත්න මහතා මෙසේ පවසා සිටියා,
“වාරි පද්ධතියේ ඇති වන සුළු සුළු අබලන්වීම් ගොවි සංවිධානය විසින් වාරි මාර්ග නිලධාරීන්ගේ උපදෙස් මත පසුගිය කාලය තුළ සිදු කරණු ලැබුවා.
නමුත් ලොකු වැඩ අපිට කරන්න හැකියාවක් නැහැ.
මොකද ඒ තරම් ආර්ථික ශක්තියක් අපේ සංවිධානයට නැහැ.
පසුගිය දවසක කරුවලගස්වැව දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති “ගම සමග පිළිසදරක්” වැඩ සටහනේදීද අපි මේ බව කියා සිටියා.
එම අවස්ථාවේදී ජනාධිපතිවරයා වාරි මාර්ග නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙසයි.
නමුත් වැඩේ මේ වන තුරු සිද්ධ වෙලා නැහැ.නිලධාරීන්ගෙන් අහන කොට කියන්නේ ඇස්තමේන්තු හදලා යවලා තියෙන්නේ ප්‍රතිපාදන තවම වෙන් වෙලා නැහැ කියලයි.
මේ දවස් වල අපිට පොහොර සහ වල් නාශක සොයා ගන්නත් නැහැ. ඒ නිසා අපි කළ යුතු වන්නේ ජලය බැදලා වල් නසා වගා කටයුතු ආරම්භ කිරීමයි.
නමුත් පවතින තත්ත්වය අනුව අපිට කුඹුරු ටික අස්වද්දන බැරි වෙන තත්ත්වයක් මෙදා කන්නයේ තියෙන්නේ.
අපි නිලධාරීන්ට චෝදනා කරනවා නෙමෙයි.අපි කියන්නේ අපේ ඇල වේලි ටික හදලා දෙන්න කියන කාරණය පමණයි.”














It’s a waste of time trying to help and educate Sinhala ‘goviyas’ Mr Prez. Any farmer who has no idea how to manure his own land in a way that suits its particularity but looks to the govt to import foreign manure is not worth his salt. Sinhalaya modaya – no initiative no creativity only big gobs !