අජිත් රෝහණගේ වෙස් ගත් තරුණයා පොලිස් ලොක්කන් රැසකගේ නමින් කළ නොමනා වැඩේ

සිය නම අනුමැතියකින් තොරව භාවිත කරමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රවිදු කල්හාර නැමැත්තාට එරෙහිව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පොලිස් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු අපරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ සමයේ එම පුද්ගලයා තමන් නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය බව දැනගත් පසු එය වහාම නවතා දමන ලෙස ඔහුට දැනුම් දී ඇති බව සදහන්. 

ඒ අනුව අදාල ගිණුම අත්හිටු වූ බව රවිදු කල්හාර නැමැත්තා තමන් වෙත පැවසු බවත්, එහෙත් දින කිහිපයකට පසු එම ගිණුම යළි සක්‍රීය කර ඇති බව දැනගන්නට ලැබුණු බවත් අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී එම ගිණුම අත්හිටු වීමට අවශ්‍ය පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

රවිදු කල්හාර නැමැත්තා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් විවිධ පාර්ශවවලින් තොරතුරු එක්රැස් කරන බවට තොරතුරු වාර්තා වනවා. 

පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් අදාල පුද්ගලයා ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවයි  අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57