AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් නම වෙනස් වෙයි?

නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස් බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම තීරණය කර ඇති බව වර්ජ් වෙබ් අඩවිය අනාවරණය කරයි. වෙබ් අඩවිය පවසන පරිදි මෙම නම වෙනස් කිරීම එළැඹෙන සතියේදී සිදු වන ඇත‍.

ෆේස් බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරීයා වන මාක් සකර්බර්ග විසින් ලබන 28 වැනිදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද අදාල වෙබ් අඩවියේ වැඩි දුරටත් දක්වා ඇත.

මෙම සන්නාම වෙනස සමගින් සමාජ ජාල මාධ්‍ය වලට පමණක් සිමා වී ඇති ව්‍යාපාර කටයුතු ඉන් ඔබ්බට පුලුල් පරාසයක විහිදුවා ලීමට බලාපොරෝත්තු වන බව සඳහාන් වේ.

ඒ අනුව සමාගමේ විශාලතම නිෂ්පාදනය වන ෆේස්බුක් වෙබ් අඩිවය සහ අනෙකුත් සමාජ ජාල වේබ අඩවිද අදාල නව නාමකරණයකට ලක්වෙන සමාගම යටතේ පාලනය වීමට නියමිත බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම නව තීරණය සම්බන්ධනේ ෆේස් බුක් සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වර්ජ් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?