හෙට සිට පාසල් නොඑන ගුරුවරු හා විදුහල්පතිවරුන්ගේ වැටුපට සිදුවන දේ

පාසල් විවෘත කෙරෙන දින සිට පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප් අත්හිටුවන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පැවැසීය.

එමෙන්ම ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනෙන බවත් ආණ්ඩුකාරවරයා කීවේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල වැවරවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේ ඊයේ (19 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

පාසල් විවෘත කරන දින පාසල් නොපැමිණ විනය විරෝධී කටයුතුවල යෙදී 25 වැනිදා පාසල්වලට එන ගුරුවරුන්ට පාසල්වලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් එම යෝජනාව හකුළාගෙන හෙටම පාසල් පැමිණීමට සිතුවොත් වඩා යෝග්‍ය බවත් කී ආණ්ඩුකාරවරයා පාසල්වලට පැමිණ විනය විරෝධී ක්‍රියා කිරීමට කිසිවෙක් හෝ උත්සාහ කළහොත් ඊට ඉඩ නොතබන බවද කීය.

පාසල් යළි විවෘත කිරීමට විරුද්ධ වීම දේශද්‍රෝහී සාපරාධී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

කම්කරු නීතිය අනුව වර්ජනයක් පවතින අවස්ථාවේදී වර්ජකයන්ට වැටුප් නොගෙවන බවත් වර්ජනයෙන් පසු අවශ්‍ය නම් වැටුප් ලබා ගැනීමට හැකි බවත් නීතිඥයකු වශයෙන් තමන් දන්නා බවත් ඒ මහතා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14