නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 81,131 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළදී තවත් පුද්ගලයින් 71 දෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමගයි.
බස්නාහිර පළාතට ඇතුලුවන පුද්ගලයින් 1,332 කු හා මෝටර් රථ 771 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින් 1,934 කු හා මෝටර් රථ 950 ක් ද ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.
මාර්ග බාධක හරහා ගමන් කිරීමට නිසි අවසර නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 618 කු සහ මෝටර් රථ 345 ක් ආපසු හරවා යැවූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














