යාපනය, කොඩිකාමම් හී ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ (18) දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා සිටියා.
යාපනය දෙසට ධාවනය වු අදාළ දුම්රිය පරික්ෂණ දුම්රියක් වන අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදී ගව රංචුවක් දුම්රිය ගමන් මාර්ගයේ සිටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
එහිදී දුම්රියේ ගැටුණු ගවයින් 10 ක් පමණ මිය ගොස් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනතුරින් පසුව ගවයින්ගේ හිමිකරුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය සහ තුවාල ලැබූ ගවයින් රැගෙනයාමට කටයුතු කර තිබුණා.
ගෙවුනු කාලසීමාවේදී උතුරු දුම්රිය මාර්ගයේදී ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටියා.
ගවයන් යට වී ඇති ආකාරය පහතින්














