ගුරු – විදුහල්පතිවරු අවසන් තීරණය දැනුම් දෙයි

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

වැටුප් විෂමතාව විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 99 ක් ගත වී තිබේ.

එවන් පසුබිමකදී එළඹෙන 21 වැනිදා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මේවන විටත් තීරණය කර අවසන්ය.

ඒ අනුව 21 වැනිදා පාසල් ආරම්භ වීමත් සමග ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09