ඔස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!

නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එය හරහා එරට ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

මෙලෙස හඳුන්වා දෙන්නේ කෘෂි කාර්මික වීසා බලපත්‍රයක් බව යි පැවසෙන්නේ.

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ කෘෂි, ධීවර සහ වන ක්ෂේත්‍රයන්හි ශ්‍රමිකයින්ගේ හිඟ බවක් හටගෙන තිබෙනවා.

නව වීසා ක්‍රමය මගින් එම හිඟය මගහරවා ගැනීමයි ඔස්ට්‍රේලියානු රජයේ අරමුණ වී ඇත්තේ.

මෙහි කෝටාවේ සීමාවක් නොමැති බවත්, මේ හරහා එරට ස්ථීර පදිංචිය ලබා ගැනීමට හැකිවන බවත්, ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශවල පදිංචි වීමට හැකිවන බවත් පැවසෙනවා.

පුවත් වාර්තා පෙන්නා දෙන්නේ මෙම කෘෂි වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු රටවල්වල ශ්‍රමිකයින් වෙත හඳුන්වා දීමට මීට පෙර තීරණය කර තිබුණත්, වර්තමාන තත්ත්වය හමුවේ එය ලබා දෙන රටවල් පිළිබඳ ඔස්ට්‍රේලියානු රජය තවමත් නිෂ්චිතව ප්‍රකාශ කර නොමැති බව යි.

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය එරට ගොවි බිම්වල අස්වනු නෙළීමට පෙර ආරම්භ කෙරෙන බව යි වාර්තා වන්නේ.

මෙම වැඩසටහනත් සමග ඔස්ට්‍රේලියාව තුළට විදෙස් රටවල්වලින් ආ ශ්‍රමිකයින් ගණන දෙගුණයක්වනු ඇති බව ද එරට රජය උපකල්පනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
359
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09