AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය ගත් දැඩි තීරණය

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට අකුරටම ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

මීට අදාළ නියෝගය 2017 වසරේ දී නිකුත් කර ඇතත් එම නියෝගය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නො​වේ. එම නීතිය තදින්ම බලාත්මක කරමින් නිවේදනයක් සූදානම් කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මීටර් සවිකර ගැනීම සඳහා ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සහන කාලයක් ලබාදීමටත් ජූනි 01 වැනිදායින් පසු මීටර් නොමැතිව ධාවනයේ යෙදෙන කුලී ත්‍රීරෝද රථ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිසියට උපදෙස් ලබාදෙන බව එම අමාත්‍යාංශයේ උසස් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?