21 සිට පාසල්වලට අභ්‍යාසලාභි උපාධිධාරීන්

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000ගෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ අය ඉගැන්වීම් කටයුතු සඳහා යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, 21 වැනිදා පාසල් ආරම්භ කළ ද රාජකාරි කටයුතු සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුවට හෙට එළඹෙන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ 21 වන දා පාසල් විවෘත කිරීමේදී ඔවුන්ගේ සියළු ගුරුවරුන් සහභාගි වී අධ්‍යයන කටයුතු සිදුකරන බවයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද හාලිඇල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති අරගලයට විරෝධය පළ කළා.

එසේම, වැලිමඩ ඌව පරණගම ගුරු එකමුතුවද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර ඊට එක්ව සිටි ගුරුවරුන් ඉල්ලා සිටියේ වර්ජනයේ නිරත ගුරුවරුන්ට 21 වනදා සිට පාසල් වලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසටයි.

මේ අතර, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගට සිය සංගමය කොන්දේසි විරහිතව සහය දක්වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ රජය බිය ගැන්වීම් සහ අවස්ථාවාදී තෙවන පාර්ශවයන්ගේ මැදිහත්වීම් වැනි වංචනික උපක්‍රම තුළින් ගුරු – විදුහල්පති අරගලය බිද දැමීමට ගන්නා උත්සාහය හෙළා දකින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09