ගෙදරට නිතර ආ ගිය තරුණයා කළ කැත වැඩේ

තම බිරිද සමග අඹු – සැමි ඇසුරක් පවත්වමින් සිටි පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා.

ඊයේ (16) වැනිදා දහවල් මාරවිල කොස්වාඩිය ප්‍රදේශය්දී මෙම ඝාතනය සිදුව තිබුණා.

ඝාතනයට ලක්ව ඇත්තේ මහවැව – ඉහළ කුඩාවැව පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ හේෂාන් සංකල්ප නම් අවු:25ක තරුණයෙක්.

මිය ගොස් ඇති තරුණයා සහ සිද්ධියට සම්බන්ධ සැකකරු හෙරෝයින් මත් කුඩු ජාවාරමට සම්බන්ධ අයවළුන් බව පොලීසිය පවසනවා.

ඒ අනුව මිය ගොස් ඇති අය නිතර සැකකරුගේ නිවසට නිතරම යන එන අයෙක් බවත් හෙළිව තිබෙනවා.

සිද්ධිය වූ ඊයේ (16) දිනයේ දහවල් මිය ගොස් ඇති තරුණයා සැකකරුගේ නිවසට පැමිණ තිබුණා.

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ සැකකරුගේ බිරිද පමණක් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු නිවසට පැමිනෙන විට දැක ඇත්තේ තම බිරිද සමඟ තරුණයා අඹු – සැමියන් ලෙස ගත කරමින් සිටින ආකාරයයි.

ඉන් කෝපයට පත්ව ඇති සැකකරු කඩුවකින් තරුණයාට පහර දී පලා ගොස් තිබෙනවා.

බරපතල ලෙස කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති තරුණයා මිය ගොස් තිබුණා.

සැකකරුගේ බිරිදව විමර්ශන කටයුතු සදහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19