ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින් නිරතව සිටින බව ලංකා ගුරු සංගමය අනාවරණ කරයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

“21 වැනිදාට පෙර විසඳුමක් නොදුන්නොත් අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට ගන්නවා. පාසල්වල සම්පත්වල වගකීම දරන්නේ විදුහල්පති. යතුරු අරගෙන බලෙන් පාසල් අරිනවාලු. බඩුවලට වගකියන්නේ කවුද?. ඇමති චන්ද්‍රෙස්නගේ ගෙදරට අම්මලා පිරිසක් ආවා. අනුරාධපුර නගර සභාවේ නාගරික මන්ත්‍රිනියක් තමයි ඉස්සරහ ඉන්නේ. ඇමතිගේ බරපතළ ප්‍රකාශය මොකක්ද? ගමේ ගෙදර ඉන්න ගුරුවරයාට තර්ජනය කරන්න කියලයි කියන්නේ. එහෙම කියන්න ඇමතිට තියෙන අයිතිය මොකක්ද?”

මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද අනුරාධපුරයේදී එස්.එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා හමුවී තිබුණි.

එහිදී ඔවුන් සඳහන් කළේ ලබන 21 වැනිදා පාසල් ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට තම පිරිස සූදානම් බවය.

මේ අතර එලඹෙන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව හෝමාගම ප්‍රදේශයේ සිසුන් 200ට අඩු පාසල් සියල්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් අද ආරම්භ කර තිබුණි.

ඒ අනුව හෝමාගම දීපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දරුවන්ගේ මව්පියන් එක්ව අද පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළ අතර එය නිරීක්ෂණය සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණ සිටියේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ රුවන්වැල්ල ආසනයේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ කිසිම අවස්ථාවක ගුරු සටන පාවාදීමට තමන් සූදානම් නොමැති බවය.

මේ අතර පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන් සහ සහායකයින් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්දැයි සොයාබැලීමට වැඩසටහනක් ආරම්භ කරන බව පොලීසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19