කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් ඊයේ දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
මෙම කාන්තාව උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළේ සිට ඉතියෝපියාවේ අඩිස්අබාබා ගුවන් තොටුපළ වෙත පැමිණ එතැන් සිට කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඉන් අනතුරුව ඇය එම ගුවන් තොටුපළේ සිට යළිත් කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපළ වෙත පැමිණ ඊයේ දින උදෑසන 09.00ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
මෙම උගන්ඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ ගේට්ටුව අසළ දී ඇය නවතා ප්‍රශ්න කිරීම් වලදී ඇති වූ සැකය මත ඇයගේ සිරුර , ගුවන් තොටුපළ පරිලෝකන යන්ත්‍රයක් (Scan) මගින් පරීක්ෂා කිරීමේදී ඇයගේ උදරය තුළ මෙම කොකේන් ගුලි 100 ක් පමණ ඇති බව අනාවරණය වී තිබේ.
ඊයේ දින රාත්‍රී 09.00 පමණ වනවිට ඇය මෙසේ ගිල දමා ඇති කොකේන් ගුලි 51 ක් එළියට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී ඇත.
මෙම කොකේන් ගුලි පොලිතීන් ඇසුරුම් තුළ සූක්ෂම ආකාරයෙන් අසුරා තිබි ඇත.
ඒ අනුව මේ වනවිට මෙම කාන්තාව සහ ඇය විසින් එළියට දමා ඇති කොකේන් ගුලි තොගය ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.
මෙම කාන්තාව එම නිලධාරීන් විසින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
එහිදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම කාන්තාව විසින් ගිල දමා ඇති ඉතිරි කොකේන් ගුලි තොගය ද පිටතට ගැනීමට ප්‍රයත්න දරමින් සිටිති .
















උගන්ඩාවත් එක්ක ගිවිසුම් ගැහුවේ ඕවට තමයි ..අනික ලෝක ඉතිහාසයෙ කිසිමදාක උගන්ඩාව එක්ක අපේ රට කවදද ගනුදෙනු කරේ . මේ ලගදී උගන්ඩාවේ ජනාදිපති ආවලුනෙ {ගෝත්ත්‍රික නායකයෙක්} රෙදි වගයක් පෙරවගෙනලු ඇවිල්ල තියෙන්නෙ. අනික උගන්ඩාවෙන් මොනවා ගන්නද එයාලා එක්ක ගිවිසුම් ගහලා..ඇමරිකාවට ගිහින් එනවා කවදද ගිවිසුම් ගැහුවේ කවදද ඇමරිකා නායකයෙක් මේ රටට ඇවේ..උගන්ඩාව කියන්නේ දුප්පත් රාජ්ජයක් අපහාස කරනවා නෙමෙයි මේ තමයි අපේ ඉන්න බත් කන හරක් වගේ දේශපාලුවන්ගේ හිස් මොල මේවායින් පෙන්නුම් කරන්නේ