පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන වල (මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර අනෙකුත් වාහන) වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කිරීම.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම් හේතුවෙන්, දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුනොවීම නිසා, මහජනතාව අසීරුතාවයකට පත්වීම වැළැක්වීම සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අද දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී, ඔවුන්ගේ එකඟතාවය මත පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.10.15 වන සිකුරාදා දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කරන ලදි. මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරන බව මෙයින් නිවේදනය කරමි.

  1. 2021.10.27 වන දින සිට දැනට පවතින පරිගණක පද්ධතියේ ධාරිතාව සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියළුම වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යථාවත් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
  2. එසේම, අද දින සිට (2021.10.13) www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පස්වරු 5.00 සිට පසුදා පෙරවරු 7.00 දක්වා පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසීමට අද දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමඟ පවත්වන ලද සාකච්ඡාවේ දී තීරණය කරන ලදී.
  3. තවද, මින් පෙර දැන්වූ පරිදි 2021.08.12 දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍රහිමියන්ට 2021.12.31 වන දින දක්වා ලබාදී ඇති සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බවද දන්වා සිටිමි.

බස්නාහිර පළාත් මාධ්‍ය අංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09