රොෂාන්ගෙන් මෛත්‍රීට දැඩි ප්‍රහාරයක්

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කළා” යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඊයේ (11 දින) වැඩ බාර ගැනීමේ උත්සවයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

“පරිණත දේශපාලනඥනයෙක් විදිහට එතුමා ආණ්ඩුව නියෝජනය කරනවාද නැතහොත් විපක්ෂය නියෝජනය කරනවාද කියලා. කුමන්ත්‍රණ එළියට එනවා. මේවා කතා කල යුත්තේ අභ්‍යන්තරයෙන්. ආණ්ඩුවක් ඇතුලේ ඉන්න කොටසක් හැටියට එතුමා කණ්ඩායම් රැස්වීමෙදී කතා නොකර එක එක මාධ්‍ය වලට මේ වාගේ ප්‍රකාශන දෙනවා.

කෘෂීකර්මන්තයේ ඛේදවාචකය ඇති වුනේ යහපාලන ආණ්ඩුව කලේ. එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් පොහොර සහනාධාරය කප්පාදු කලා , ජනතාවට කඹුරු වැඩට අවශ්‍ය වතුර ටික නැතුව ගියෙත් එතුමාගේ කාලේ. මහින්ද රාජපක්ෂ මහතා 2015 යනවිට ගබඩා වල ඉඩ නැහැ කියලා ගුවන්තොටුපලෙත් වී ගබඩා කලා.

වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කිරීමේ වගකීම හිටපු ජනාධිපතිතුමා බාර ගත යුතුයි.

එම නිසා ගොවියට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුණේ ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. හොඳ තීන්දුවක් අරන් තියෙනවා ජනාධිපතිතුමා කාබනික වගාව දියුණු කරන්න. ආනගත පරපුර සුරක්ෂා කරන්න. රසායනික පොහොර අපි පුළුවන් තරම් අඩුකරගෙන යන්න ගත්තේ හොඳ තීරණයක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයට අපි කියනවා ගේ ඇතුලේ කතා කරන්න තියෙන එක පිටත කතා කරලා පරිණත දේශපාලඥනයෙක් විදිහට දුර්වල ස්වරූපයක් ගෙන එන්න එපා කියලා. යම් හානියක් ගොවියාට සිද්ධ වුනොත් අපි රජයක් විදිහට එම හානිය ගෙවන්න බලාපෙරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56