වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම් හේතුවෙන් දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොවන බැවින් මහජනතාව අසීරුතාවයකට පත් වීම වැලැක්වීම සඳහා පරිගණක පද්ධතිය යාවත්කාලීන කරන තෙක් තාවකාලික පියවරක් වශයෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.10.13 දින සිට 2021.10.26 දින දක්වා සති දෙකක් සඳහා අත්හිටුවීමට අද දින (2021.10.12) තීරණය කළා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් ICTA ආයතනය සමඟ සාකච්ඡා කර නිත්‍ය විසඳුම් ලබා දෙන තෙක් තාවකාලික පියවරක් ලෙස 2021.08.12 දින සිට කල් ඉකුත් වු වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා 2021.12.31 දින දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත් කිරීම 2021.10.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දින වලදී බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුව, කළුතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්වලට අදාළව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බව සදහන් වනවා..

වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත් වන කාලය
බලපත්‍ර ලබා ගැනීමට ජනතාවට වෙන් කරන ලද කාලය

2021 ජුලි මසට පෙර හා ජුලි , අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර

2021 නොවැම්බර් මස 30 වන දින දක්වා
2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර

2021 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම

තවද, 2021.08.12 දින සිට කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර හිමියන්ට 2021.12.31 වන දින දක්වා සහන කාලයක් ලබා දී ඇති බවද වැඩිදුරටත් දන්වා තිබෙනවා.

image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09