ඉන්ධන මිල ඉහළ දමන බවට ඇමති බන්දුල ඉඟියක් දෙයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉන්ධන මිල ගැලපුමක් කරන්නට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (ඔක්.12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තෙල් මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එසේ මිල ගැලපුමක් සිදු කරන්නේ කවදා ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සහ එහි අනෙක් ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවය.

“අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන්නැති භාණ්ඩයක් වුණත් ලෝකයේ පවතින මිලට ගන්න සිද්ධ වෙනවා. ඛනිජ තෙල් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ලෝක වෙළෙඳ පොළේ 100 පනිනවා හෙට අනිද්දා තෙල් බැරලයක මිල. ඒ නිසා ඛනිජ තෙල් මිල වැඩි වෙනවා, ගැස් මිල වැඩි වෙනවා, කිරිපිටි මිල වැඩි වෙනවා, පරිප්පු මිල වැඩි වෙනවා.”

මෙහිදී ඔහු සඳහන් කළේ, ලෝකයේ සෑම විට ම වසංගතයෙන් පසු සාගතයක් පැමිණ ඇති බවය.

“අවාසනාවකට ලෝකයේ අනෙක් රටවල තියෙන මිල පිළිබඳව අපි කියන්නේ නැහැ. ලෝකයේ අනෙක් හැම රටක ම ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය මේ හැම රටක ම මේ අත්‍යවශ්‍ය සේවාවල මිල අපේ රටේ මිලට වඩා වැඩියි. ඒ නිසා අපි ඉතා ම අකමැත්තෙන් තමයි මේ ලෝක අභියෝගයට මුහුණ දීම සඳහා මිල ඉහළ නංවන්නේ. ඛනිජ තෙල් ඇමතිතුමාට කරන්න බැහැ ලෝකයේ වැඩි මිලට ගෙනල්ලා අඩු මිලට ඛනිජ තෙල් දෙන්න ක්‍රමයක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30