ලංකාවේ කාන්තාවන්ගේ බිය සැක දුරු කරන්න ඇමති සරත් වීරසේකරගෙන් උපදෙස්

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් සෑදීමට බව සරත් වීරසේකර ඇමතිවරයා පවසනවා. එවන් බියෙන් සැකයෙන් තොර සමාජයක ළමා අපචාර හා ස්ත්‍රී දූෂකයො ඉන්න බැරි බවත් කාන්තාවන්ට නිදහසේ කටයුතු කරන්න පුලුවන් තත්වයක් සකස් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා..

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මෙලෙස අදහස් පළකළා.

කාන්තාවට ගරුකරන සමාජයක අපරාධ සිදුවෙනවා අඩුයි. නියෝජ්‍ය පොලිස්පතිවරියන් සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගත යුතුයි.

මෙම කාර්යය සදහා සම්පූර්නයෙන්ම සහයෝගය දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පැවසූවෙි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අභිනවයෙන් පත්වූ නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනා සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 12 දෙනා අමතා පවසා තිබෙනවා.

බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා අපරාධ අඩුකරන ලෝක ධර්මතා දෙකක්. ඒ තමා හිරි සහ ඔතප්. හිරි ඔතප් කියන්‍නේ අපරාධයක් කරන්න තියෙන ලැජ්ජ සහ භය. ඒ භය ඇති කිරිමට නම් අපරාධයක් කළ සැණින් අපරාධකාරයා අල්ලන්න පුලුවන් අපේ යාන්ත්‍රනය කඩිනමින් නිසියාකාරව මෙහෙය විය යුතුයි.
එසේම කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්දීන්ට අදාලව අපි දැන් නිතිය සකස්කරගෙන යනවා. ඉතින් ඒවා පිළිබදව තමයි ඔබ කල්පනා කරල බලලා මට යෝජනා ඉදිරිපත් කරන්න ඔිනේ. අපේ රටේ ඉන්න කාන්තාවන්ට තමාගේ කාර්යයක් කාර්යාලයකදී හෝ බස් එකකදී හෝ දුම්රියේදි හෝ එහෙම නැත්නම් වෙන ගෙදරකදි හෝ බියෙන් සැකයෙන් තොරව කරගන්න පුලුවන් වටපිටාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබදව මට යෝජනා ඉදිරිපත් කරන්න. සියලු දෙනාටම සුභ පතනවා. පොලීසියේ මේ නව උසස් වීම් සමග යම්කිසි වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් ජගත් අල්විස් මහතාද සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40