විදුලි බිලත් වැඩි වෙයිද ? හේතුව මෙන්න

ලෝක වෙළදපොළේ ගල් අගුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ වන විට ගල් අගුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 200 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට විදුලියෙන් සියයට 40ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අඟුරු උපයෝගී කර ගනිමින්.

කෙසේ නමුත් මෙම වසරට අවශ්‍ය ගල් අගුරු දැනටමත් මෙරටට ගෙන්වා ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග සඳහන් කළේ, මේ වන විට ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල ඉහළ යාම ලබන වසරේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට බලපා හැකි බවයි.

මේ හේතුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 4කින් පමණ ඉහළ යා හැකි බව ඔහු සදහන් කළා.

කොරෝනා හේතුවෙන් රුපියල් මිලියන 45,000ක හිඟ බිල්පත් පවතින අතර පාරිභෝගිකයින් ඒවා ගෙවීමට තවදුරටත් මැලිකමක් දක්වන බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28