මුදල් ඇමතිට ජනපති කියූ දේ

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දැඩි පීඩනයක් රජයට ද එල්ල වෙමින් පවතින පසුබිමක රජයේ අමාත්‍යාංශ, වාහන සංචිත නඩත්තු කිරීම් ඇතුළු සියලුම රාජ්‍ය වියදම් සීමා සහිතව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ සවස රැස්වූ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම ඉහළ යාමත් සමග රට වැසියා දැඩි ලෙස පිඩාවට පත්ව ඇති පසුබිමක අනවශ්‍ය රාජ්‍ය වියදම් සිදුනොකරන ලෙසට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට උදෙස් ලබාදී ඇත්තේ.

ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ඛණිජ තෙල් සංස්ථාව දැනටමත් පාඩු ලබන බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග ගැන උපදෙස් ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා විසින් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී සිටියා.

මේ අවස්ථාවේදී විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඉන්ධන මිල ඉහළ නොදමන ලෙසයි ජනාධිපතිවරයා අමාත්‍ය උදය ගම්මන්පිල වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

රටේ මහජනතාවට ඉක්මනින් සහන සලසන ලෙසත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම් නිසා පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රමව්දයක් සකස් කරන ලෙසත් එසේත් නැත්නම් ඉදිරියේදී ක්‍රියාවට නැංවිය හැකි නව ක්‍රමවේදයක් සකස් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම ඉහළ යාම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජා කරන ලෙසත් ඊට හේතුවූ කරුණු පහදන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19