“උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” – අනුර කුමාර දිසානායක

මට මතකයි 2004 දී ග්‍රීසිය ලෝකෙට ණය වෙලා ඔලිම්පික් උළෙල පැවැත්වුවා…
ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය විශාල මංමාවත් හැදුව..
විශාල ක්‍රීඩාංගන හැදුව…
ලෝකයෙන් එන ක්‍රීඩකයන්ට නවාතැන් දෙන්න විශාල මහල් නිවාස හැදුව..

ඒ වෙලාවෙ ග්‍රීසියෙ විපක්ෂ නායිකාව ජනතාව අමතල කිව්ව “උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” කියල….

2008 වෙනකොට මොකද උනේ…ග්‍රීසිය ලෝකයෙ බංකොලොත්ම රාජ්‍ය බවට පත් උනා…අදත් ඔබ ග්‍රීසියට ගිහින් බැලුවොත් ඒ පාරවල් ඒ ගොඩනැගිලි ඒ ක්‍රීඩාංගන නඩත්තු කරගන්න බැරිව තියනව….
මැද පාන්තික ජනය රට හැරය යමින් තියනව..

.සංවර්ධනය කියන්නෙ කොංක්‍රීට් වනාන්තර නෙවෙයි….
සංවර්ධනය ජන ජීවිත එක්ක බද්ද වෙන්න ඕන…
ඔබ ගිහිල්ල බැලුවොත් සූරියවැව ක්‍රීඩාංඟනය තියන පාර මංතීරු හයක එකක්….

බේස්ලයින් එකටත් වඩා ලොකුයි…
ඒ පාර අවට ජීවත්වන ජනතාවගෙ ජීවිත කොහෙද තියෙන්නෙ…
පාසල් ඇරිල එන දරුවො දිවුල් කාලෙට දිවුල් විකුණනව පාර අයිනෙ…
දෙහි කාලෙට දෙහි,දොඩං කාලෙට දොඩං පාර අයිනෙ තියන් විකුණනව…දැවැන්ත පාරක් තියනව…දරුවො පාසල් ඇරිල ඇවිත් අඹගැට දිවුල්ගැට විකුණනව….
මේ දැවැන්ත පාරයි මිනිස්සුන්ගෙ ජීවිතයි අතර සම්බන්ධයක් නෑ…
මිලියන ගණනක ජනතාවක් දුප්පත්කමේ ගිලිල…මේ පාලකයො හැමදාම ඒ දුප්පත්කම විකුණනව.අපි මේක වෙනස් කළ යුතු නැද්ද.?
වෙන මුකුත්ම එපා..
මේ රට මෙතරම්ම දුප්පත්කමේ පතුලටම ගිලුනු රටක් බවට පත්වෙද්දී ජනතාව දිගින් දිගටම දුප්පතුන් බවට පත්වෙද්දි මේ රටේ පාලකයො සහ ඒගොල්ලන්ගෙ පවුල් වඩා ගොඩනැගුනු එක්තරා පිරිසක් පමනක් පරම්පරා සිය ගානක් වුනත් සිටුවරු වගේ සැප විඳිය හැකි ලෝකයේ සුපිරිම ධනවතුන් බවට පත්වුනේ කොහොමද කියලාවත් අඩුමගානෙ කල්පනා කරලා බලන්න..

  • අනුර කුමාර දිසානායක-
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?