”නම සිංහවංශ වුණාට අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා කියන කතාව

සිංහල, දෙමළ, හිංදි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගනනාවකින් සිය ගායන හැකියාව පෙන්වන ඇය නමින් උමාරියා සිංහවංශ. වේදිකාව මත කිසිදු බයක් සැකයක් නැතුවම ගීත ගායනා කරන ඇය එදා සිටම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ගෞරවය පත් වු ඇය ගැනයි මේ කතාව. පවුලේ බාලයා වෙන උමාරියා, ගායන ලෝකයේ කවුරුත් දන්න උමාරාගේ එකම නැගණියයි.

හැබැයි අපිට දැනගන්න ලැබුනා උමාරියා කියන්නේ සිංහල කෙනෙක් නෙවෙයි කියලා, ඇත්තද ඒක?

”ඔව් මම සිංහල නෙවෙයි. නමුත් අපි ශ්‍රීලාංකිකයෝ….. මම මගේ ලංකාවට ගොඩක් ආදරෙයි. මගේ තාත්තා ටෝනි සිංහවංශ, අම්මා අයේෂා සිංහවංශ ඒ දෙන්නම වෘත්තියෙන් සංගීතඥයින්. අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්”

උමාරියා පාසල් කාලේ ඉදන්ම සංගීතයට දක්ෂ ද ?

“නෑ පාසල් කාලේ ඇත්තටම මම ගීත ගායනා කලේ කාටවත් ඇහෙන්න නෙවෙයි. මගේ අම්මා, තාත්තා, අක්කා තුන්දෙනාම ගීත ගායනා කළා. හැබැයි මම බාත්රූම් එකේ කවුරුත් නැති තැනක තමා ගිතයක් කියන්නේ. පාසල් කාලේ ඇත්තටම මම මුල් තැන දුන්නේ අධ්‍යාපනයට. කොහොම වුනත් දෛවයේ ලියවිලා වගේ බිස්නස් වලට විශිෂ්ඨ සාමාර්ථ ගත්ත මම සංගීතයට යොමු වුනා.”

ඒ කියන්නේ උමාරියාගේ සංගීත ගමන අහම්බයක්?

“මගේ අක්කා සංගීතය එක්ක ජිවත් වුන කෙනෙක්. දවසක් මම පාසල් ඇරිලා අක්කා එක්ක භාතිය සන්තුෂ් ස්ටුඩියෝ එකට ගියා. එතනදි අක්කා සිංදු කියද්දි මමත් නිකමට සිංදුව තනියම කියවද්දි භාතියට ඒක ඇහිලා මට සිංදුවක් කියන්න කිවා. එදා මගේ මගේ ජිවිතේ සංගීතයට ආරම්භක දවසක වුනේ. කියන්නම ඕනි මගේ අක්කා තමා නිරතුරුව මාත් එක්ක මේ ගමනේ ලගින්ම හි⁣ටියේ.”

සංගීත ලෝකයේ ඔබ ලබාගත් ජයග්‍රාහණ ගැන මතක් කලොත්?

“මගේ සංගීත ලෝකයේ හැරවුම, චීනයේ පැවති සංගීත තරඟයක ජයග්‍රාහණය. ඒ මට අවුරුදු 19 දි. පස්සේ මම ආසියාව නියෝජනය කරමින් තරඟයකට සහභාගි වෙද්දි මට ලෝකඩ පදක්කම හිමි වුනා. ඊට පස්සේ ලෝකයෙ ලොකුම සංගීත තරඟය යුක්ක්‍රේනයේ පැවතුනා. ඒකට මමයි අක්කායි දෙන්නම සහභාගි වුනා. අපිට ඒකෙත් ලෝකඩ පදක්කම හිමි වුනා. ඔය විදිහට තමා ටික ටික මේ ගමන එද්දි ජයග්‍රාහණ ලැබුනේ”

උමාරියා මේ වෙද්දී දෙවන වරටත් දිමිත්‍රි නම් සංගීතයට සම්බන්ධ අයෙකු සමඟ විවාහ වී සිටින්න අතර ඔහු ප්‍රංශයේ ජීවත්වෙයි.

  1. මම නම් කල් තියාම දෙන ගත්තා නම සිංහවංස උනාට එන්නෙ නරි වංසෙන් කියාල . හිටපු එකාව අත හැරලා අර ප්‍රංසයෙ කොල්ලගෙ ප්‍රංස රසයට ගිජු වුනාම . දෙන් ගනිකාවක් වෙලා ඉවරයි කයිවාරු ගෙහුවාට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15