ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කරන්න ආණ්ඩුව ගත් තීරණය

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත කෙරේ. එහි පළමු අදියර යටතේ සයිබර් ආරක්ෂණය නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක්ද සම්පාදනය කිරීමට නියමිතය.

සයිබර් අපරාධ විමර්ශනය සඳහා පොලිසියට සහාය වීමට පිළිගත් ආයතනයක් නොමැති වීම අඩුවක් බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හඳුනා ගෙන තිබේ. විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගේ සහාය ලබාගනිමින් දැනට සයිබර් අපරාධ විමර්ශනය කෙරේ.

එම නිසා සයිබර් අවකාශය මගින් සිදුකරන අපරාධවල වැරැදිකරුවන්ට නීතිමය පියවර ගැනීමේ දීද ගැටලු මතුව ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කළ සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11