ගැහැනුන්ට වඩා පිරිමි මට කැමතියි

අවුරුද්දට හතර සැරයක් අපේ පවුල එකතු වෙනවා

මේ දිනවල හෙක්ටර් ඩයස් කියන්නේ බොහෝ දෙනා අතර ජනප්‍රිය නළුවෙක්. ගායකයෙක් වූ හෙක්ටර්, නළුවෙක් වීමේ කතාව පිටුපස ඔහුගේ බිරිඳ පාඨලී සිටිනා බව පසුගියදා ප්‍රකාශ කළා. බිරිඳ සහ දරුවන් බැලීමට ගිය හෙක්ටර්ව සහ ඔහුගේ බිරිඳ පාඨලීව මේ කතාවට සම්බන්ධ කරගත්තේ ප්‍රංශයේ සිටියදීමයි.

හෙක්ටර් හදිසියේ ආයෙත් ප්‍රංශයට ගියේ දිවිතුරා හි රංගන කටයුතු අවසන් කරලද?

නැහැ. සති දෙකක පමණ කාලයකට තමයි මම ප්‍රංශයට ඇවිත් ඉන්නෙ. මේහෙදීත් දිවිතුරා ටෙලිනාට්‍යයේ දර්ශන ටිකක් රූගත කෙරෙනව. ඒ වගේම දිවිතුරා හි ඉදිරි සති ගණනාවක් සඳහා කොටස් කරල තමයි මම ඇවිත් ඉන්නෙ.

නළුවෙක් වෙන්න ඕන කියල හෙක්ටර්ට ලෙකු සැලසුමක් තිබුණද?

නැහැ, රඟපාන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. මම සංගීත ශිල්පියෙක් ලෙසිනුයි වැඩකටයුතු කරගෙන ගියේ. එක අවස්ථාවක විරාජ් වැලිවත්ත මෙහෙම වැඩක් තියෙනව කියල මට කතා කළා. නමුත් ඒ ඇරියුමත් එක්ක මට ඇතිවුණ ප්‍රශ්නයට මට මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන එකයි. මොකද මම නළුවෙක් නොවුණ නිසා සහ මම රංගනය හදාරල නොතිබුණ නිසා පසුව මගේ බිරිඳ පාඨලී සමගත් සාකච්ඡා කළාම ඇයත් පැවසුවේ අපි මේක කරල බලමු කියල. අගස්තිගේ චරිතය කරන්න පටන් ගත්තට පසුව මම තේරුම් ගත්තා අපිට බැහැයි කියල දෙයක් නැහැ උත්සාහ කළොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියල.

දැන් නම් නළු දිවිය ගැන ලොකු ලොකු බලාපොරාත්තු ඇතිවෙලාද ඇති නේද?

නැහැ. මට එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් ඒක භාරගන්න තැනක තමයි ඉන්නෙ දැනට. මම බොහොම තෘප්තියෙන් මේ දේ කරගෙන යනවා.

ඔබ කෙරෙහි කාන්තාවන්ගේ ආකර්ෂණය වැඩියි නේද?

කලාකාරයෙක් හැටියට මට කාන්තා ආකර්ෂණය කියන එක හරි වැදගත්. හැබැයි කාන්තාවන්ගෙ විතරක් නෙවෙයි පිරිමි අයගෙත් ආකර්ෂණයත් මට ලැබිලා තියෙනව. සමහර පිරිමි අය කියනව අපි රැවුල කපල සුදු කෙස් හා රැවුල් කළු කරගෙන හිටියෙ දැන් අපිට ආයෙ එහෙම කරන්න ඕන නැහැ කියල.

හෙක්ටර්ට කාන්තාවෝ අතර ලැබී තියෙන ජනප්‍රියත්වය පාඨලී භාරගන්නෙ කොහොමද?

එයා මට ලැබුණ මේ අවස්ථාව ගැන හරි කැමතියි. මේ ක්ෂේත්‍රයේ මම ගායනය වගේම තවත් දෙයක් කරනව කියන එකට එයා කැමතියි. ඒ වගේම එයා දන්නව කලාකාරයකුට හොඳ පැත්තනේ හරි නරක පැත්තතෙන් ලැබෙන ප්‍රතිචාර මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න වැදගත් කියල.

ඔබ ප්‍රංශයේ මොකද කරන්නෙ?

මගේ පවුලේ අයත් එක්ක මම ප්‍රංශයට එන්නෙ 2011 අවුරුද්දෙ. ඊට පස්සෙ මම 2012 ලංකාවට ඇවිත් මගේම කියල සංගීත කණ්ඩායමක් පටන් ගන්නව. මම ලංකාවේ තමයි වැඩි හරියක් හිටියෙ. ඒ අතර මගේ පවුලේ අය ලංකාවට එනව එහෙම නැතිනම් මම ප්‍රංශයට යනව. ඔය විදිහට අවුරුද්දකට හතර පස් සැරයක් අපි හම්බවෙනව. ලංකාවේ තමයි මම වැඩිපුර රැඳෙන්නෙ.

ඔබේ බිරිඳ නිරූපණයෙන් දායක වූ ගීයටත් ඉහළ ප්‍රතිචාර තියෙනව නේද?

ලොක්ඩවුන් කාලෙ අනිත් අය වගේම මමත් රැවුල ලොකු ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ. ඒක ඔහේ වැවෙන්න දීලා හිටියා ඔය කාලෙ තමයි නිල්වන් මුහුද තීරේ ගීතයේ නිර්මාණ කටයුතු පටන් ගත්තෙ. ඒ ගීතයට රූප රචනාව කොණ්ඩෙ රැවුල කපලා කරනවට වඩා ඔහොම තියාගෙන කරන්න තමයි සැලසුම් කළේ. ඉතින් ගීතයට වගේ එහි රූප රාමු වලටත් බොහෝ රසික ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒ වගේම මගේ බිරිඳ පාඨලී මට ගොඩක් උදව් කරනවා මගේ පසුබිම හදාගන්න. මගේ අදහසක් තිබ්බා ඇය මගේ දෙයකට සම්බන්ධ කරගන්න. ඒකත් අලුත් දෙයක්නෙ. පාඨලීගේ පියාත් ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ලක්ෂ්මන් හේවාවිතාරණ. ඒ උරුමය නිසා එයා ළඟත් කලාවට හැකියාවක් තියෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

  1. මෙයා කසාද බැන්දපු පාඨලී කියන්නෙ ලක්ෂ්මන් හෙවාවිතාරනගෙ හොර ශොට් එකකින් ලෙබුන දරුවෙක් . 1980 දෂකයෙ මැයගෙ පියා ලක්ෂ්මන් හෙවාවිතරන සමග එකට විවාහ නොවී ජීවත් උන නිසා ලෙබුන දායාදයක් . ප්‍රංසයෙ කියන්නෙ ඔහුට ( ලක්ෂ්මන්ට ) නෝටී කියල නෝටී කියන්නෙ කැත වෙඩ කරපු නිසා ; ඔහුගෙ පවුලෙ බොහො දෙනෙක් ප්‍රංසයෙ ජීවත් වන්නෙ ; ඔවුන් සියල්ලම නෝටී වෙඩ කරන්නෙ . මිනිහා සිටියදීම බිරිංද වෙන අය සමග ලිංගිකව හෙසිරීම ඔවුන්ට සාමාන්ය දෙයක්. ඔවුන්ගෙ කාමර වලට නොයෙක් නොයෙක් වර්ගයෙ ලාන්කික පිරිමින් යන්නෙ තම ආසාවන් එම ගෙහෙනුන්ගෙන් ඉටු කර ගැනීමට . ඒ අතුරින් රීටා නැමති අය ප්‍රංසයෙ බොහො කාමතුර සිහලුන් අතර ප්‍රසිද්දය: එය ඔවුන්ට ගානක් නොමැත; මෙ හෙක්ටර් ඩයසුත් එම තාලෙම පිරිමියෙක් වන්න පුලුවන් ; එහෙමත් නැත්නම් ප්‍රංස පාස්පොර්ට් එකට ලැදිව හෝ . ලෙහෙසියෙන් ප්‍රංසයට පැමින ප්‍රංස රසය වින්දනයට ඇති කැමත්ත නිසා වන්නට පුලුවන් . ඉදිරි නොබො කලකදි මොවුන්ගෙ පවුල් දිවිය විවාහ දිවිය කොතනින් නවතීද කියා බලමු , එදාට වෙඩි විස්තර සපයනට බලා පොරොත්තු වෙමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47