වරායේ ඇති කෝටි ගාණක වාහන විනාශ වෙලා

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින් පවතින බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

2019 මාර්තු මාසයෙන් පසුව වාහන ආනයනය නතර කිරීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇත. ඒ අනුව වරායේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයක් හා හම්බන්තොට වරායේ වාහන 121ක් ඇති බව සඳහන් වේ.

කොළඹ වරායේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ යුරෝපා රටවලින් ආනයනය කළ ඒවා වන අතර හම්බන්තොට වරායේ ඇති වාහන අලෙවිකරුවන් විසින් ජපානයෙන් රැගෙන ආ ඒවාය.

මීට පෙර ආණ්ඩුව සඳහන් කළේ කොළඹ වරායට ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි. එහෙත් මෙරටට ගෙන්වා වසර එකහමාරකට ආසන්න වන එම වාහනවල නිෂ්පාදන වර්ෂය කල් යාමත්, ගාල්කර ඇති ආකාරයෙන් විනාශ වීමත් නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බව එම වාහන ආනයනය කළ පිරිස් පවසති.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම වාහනවල විස්තර මුදල් අමාත්‍යාංශය මගින් ලබාගෙන ඇති බවත්, එහෙත් වාහනවලට සිදු කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹීමට රේගුවට කිසිදු උපදෙසක් ලැබී නොමැති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09